තොරතුරු සන්නිවේදන තාක්ෂණයේ භාවිත

ආයුබෝවන් !

ඔයාල හැමෝවම මගේ බ්ලොග් එකට සාදරයෙන් පිලිගන්නවා'

මම අද ඔයාලට තොරතුරු සන්නිවේදන තාක්ෂනය හා එහි භාවිතයන් පිලිබඳ සරලව හඳුන්වා දිමටයි යන්නේ.......

ඔයාල දන්නවද තොරතුරු සන්නිවේදන තාක්ෂනය කියන්නේ මොකක්ද කියල.......

අප ලබා ගන්නා වූ තොරතුරු වෙනත් අයෙකු හෝ වෙනත් පරිසරයක් හෝ සමග හුවමාරු කර ගැනීම  තොරතුරු සන්නිවේදනය කිරීම වේ.

ඈත අතීතයේ පටන් ම මිනිසා දත්ත සකස් කර තොරතුරු ලබා ගැනීමත්
හුවමාරු කර ගැනීමත් කළේ ය. එවිට බොහෝ දුෂ්කරතාවලට මුහුණ පෑමට සිදු වූ නමුත්
තාක්ෂණයේ දියුණුවත් සමග ම තොරතුරු සකස් කර ගැනීම සහ හුවමාරු කර ගැනීම
ඉතා පහසු කරුණක් වී ඇත.



දත්ත සකස් කර තොරතුරු බවට පත් කිරීමටත්, ඒවා හුවමාරු කර ගැනීමටත්
තාක්ෂණය විවිධාකාරයෙන් යොදා ගැනේ. මෙය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
නම් වේ.

 දැන් අපි බලමු තාක්ෂණයේ දියුණුවත් සමග තොරතුරු සන්නිවේදන තාක්ෂණයේ භාවිතයන් මොනවද කියල


  •  ඉ - රාජ්‍යයේ යෙදවුම් (e - Government)
  • අධ්‍යාපන ක්ෂේත්‍රයේ යෙදවුම්
  • සෞඛ්‍ය ක්ශේත්‍රය
  • කර්මාන්ත
  • ගමනාගමනය
  • විනෝදාස්වාදය
  • කෘෂි කර්මාන්තය
  • ව්‍යාපාර ක්ෂේත්‍රය

 ඉ - රාජයේ යෙදවුම්
රජයක්, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය යොදා ගනිමින් තම රටෙහි
පුරවැසියන්, සමාගම්, රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන සහ වෙනත් රටවල රාජ්‍යයන්
සමග සම්බන්ධතා පැවැත්වීම ඉ-රාජ්‍යය(e - Government)  ලෙස දැක්විය හැකි ය.

උදාහරණ වශයෙන් මෙම සම්බන්ධතා සඳහා ශ්‍රී ලංකා රජයේ වෙබ් පිටුව, රාජ්‍ය
තොරතුරු කේන්ද්‍රය, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ආයතනය  වැනි
රජය හා සම්බන්ධ වෙබ් අඩවි ගත හැක. රජය හා සම්බන්ධ ව කටයුතු කර ගැනීමේ දී
සහ රාජ්‍ය තොරතුරු ලබා ගැනීමේ දී ඇති වන අපහසුතා බොහෝ දුරට වළක්වා ගැනීමට
මේ නිසා හැකි වී තිබේ.

 අධ්‍යාපන ක්ෂේත්‍රයේ යෙදවුම්
පොත් අතර සිර වී තොරතුරු රැස් කළ කාලය මේ වන විට ක්‍රම ක්‍රමයෙන්
අපගෙන් දුරස් වී යමින් පවතී. පහසු ස්ථානයක පහසු ආකාරයෙන් හිඳිමින් ඕනෑ ම
වේලාවක මුළු ලොව ම දැක ගැනීමේ හා අධ්‍යයනය කිරීමේ වාසනාව මේ වන විට
ඔබටත් ලැබී ඇත. ඒ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ දියුණුව නිසා ය.
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ඔබගේ අධ්‍යාපනයට උදවු වන ආකාර
බොහොමයක් ඇතත් ඉන් සමහරක් මෙසේ ගොනු කර දකිමු.








Comments

  1. 888 Casino CT Promo Code for $20 Free + $10 Bonus
    888 Casino 안산 출장샵 CT 양주 출장샵 Promo Code · Deposit and make a qualifying deposit 영천 출장마사지 of at least $10 to the site's 세종특별자치 출장마사지 deposit match bonus and any amount to its loyalty program. · Register for  Rating: 4.5 · ‎Review by Josh Middleton 서귀포 출장샵

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

විද්‍යුත් පැතුරුම්පත්