විද්‍යුත් පැතුරුම්පත්

විද්‍යුත් පැතුරුම්පත්
Electronic Spreadsheet

විද්‍යුත් පැතුරුම්පත් භාවිතා කරන අවස්ථා


සරල මෙන්ම සංකීර්ණ ගණනය කිරීම්
ප්‍රස්තාර මගින් දත්ත නිරූපණය
දත්ත අනුපිළිවෙළකින් දැක්වීම
අවශ්‍ය දත්ත පමණක් වෙන්කර ගැනීම
දත්තවල වලංගුතාව පරීක්ෂා කිරීම
මුරපද යොදා දත්තවල ආරක්ෂාව සැලසීම
පසු භාවිතය සදහා සුරැකීම

වැඩපත

ද්විමාන තලයක සිරස් තීරු හා තිරස් පේළි වශයෙන් 
පිහිටි කෝෂ සමූහයකින් වැඩපත නිර්මාණය වී ඇත
  තීරු  Columns
  පේළි  Rows
  කෝෂ  Cells

වැඩපතක තීරු නම් කිරීම

වැඩපතක ඇති තීරු නම් කර ඇත්තේ ඉංග්‍රීසි කැපිටල් 
අක්ෂර හෝ අක්ෂර සංයෝජන හෝ මගිනි
A,B,C,D,…………………………Z
AA,AB,AC,AD,…………………….AZ
BA,BB,BC,BD,……………………………BZ දක්වා ආදී වශයෙනි

වැඩපතක පේළි නම් කිරීම

වැඩපතක පේළි නම් කර ඇත්තේ
1,2,3,4,5................................ආදී වශයෙනි

සක්‍රීය කෝෂය

වැඩපතෙහි තෝරා ගත් කෝෂයක් සක්‍රීය කෝෂය ලෙස
 හැදින්වේ.
එය සෑම විටම තද බෝඩරය දර්ශනය වේ.

කෝෂ ලිපිනය
පළමුව තීරුවේ අක්ෂරයත් දෙවනුව පේළියේ අංකයත්
 යොදා කෝෂය නම් කෙරේ.
ක්‍රියාකාරකම-
HG65 යන කෝෂ ලිපිනය පිහිටි පේළිය....................වන 
අතර තීරුව..................වේ.

කෝෂ පරාසය

වැඩපතෙහි අනුයාත කෝෂ සමූහයක් කෝෂ පරාසය
 ලෙස හැදින්වේ
තීරුවක් ඔස්සේ ඇති කෝෂ පරාසයක 
තීරුවේ අක්ෂරය නියතව පවතී
පේළියක් ඔස්සේ ඇති කෝෂ 
පරාසයක පේළි අංකය නියතව පවතී

ක්‍රියාකාරකම

1.B2:F2 පරාසයෙහි ආරම්භක
 කෝෂයෙහි ලිපිනය ලියන්න
2.H1:H7 පරාසයෙහි අවසාන කෝෂයෙහි
 ලිපිනය ලියන්න.
3.H1:H7 දැක්වෙන පරාසයට අයත් කෝෂ 
මොනවාද?
4.පේලියක් ඔස්සේ පිහිටි පරාසය
 කුමක්ද?
5.තීරුවක් ඔස්සේ පිහිටි පරාසය
 කුමක්ද?
6.C5:E7පරාසයට අයත් කෝෂ ගණන හා
 කෝෂ මොනවාදැයි සදහන් කරන්න


follow the links

Comments

Popular posts from this blog

තොරතුරු සන්නිවේදන තාක්ෂණයේ භාවිත